මිටියාගොඩ කලූපේ කුරුදු ඉඩමක වළලා තිබු ගිනිඅවි තුනක් ,ජීව අත්බෝම්බ දෙකක් ,උන්ඩ දහයක් අද (15) පස්වරුවේ සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
මේ ආයුධ දරුණු ගණයේ අපරාධයන් රැසක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කලූප ප්‍රදේශයේ පදිංචි පාතාල සාමාජිකයෙකුට අයත් බව අනාවරනය කරගෙන ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් හා ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත නවීන පන්නයේ ගිනිඅවියක් අත්අඩංගුවට ගත් ගිනිඅවි අතර තිබූ බවද එම බලකාය කියයි.
ලැබුණු තොරතුරුවලට අනුව කරන ලද මේ වැටලීමේදි මේ ආයුධ තොගය සොයා ගත් බවද පොලීසිය කියයි.
අත්අඩංගුවට ගැණුනු මේ ගිනිඅවි වැඩිදුර පරීක්ෂණ සදහා මීටියාගොඩ පොලීසියට බාරදීමට කටයුතු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.