මට්ටක්කුලිය ග්‍රාමසේවා නිලධාරිනියකගේ සැමියා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බළකායේ සහාය ලබාදෙන බව යුද හමුදා මාධ්‍ය ඒකකය කියයි.
මෙම ඝාතනය සඳහා යුද හමුදා සාමාජිකයෙකු සම්බන්ධ වී ඇතිද යන්න පිළිබඳව පොලිස් හේවා බළකාය විසින් විමර්ශන සිදුකර ඇති අතර එහිදී මට්ටක්කුලිය යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන කෝප්‍රල්වරයෙක් තවත් පිරිසක් සමග එක්ව මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇති බවද යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.