මෙතරම් පිරිසිදු තැනක් තිබිය දී ඔය කුණු ගොඩකට කවුද යන්නේ එය හොඳයි නූගතුන්ට යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිම වෙනුවෙන් අද (23) පන්නල ආසනයේ පැවැති ජන රැළියට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදි අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,
“මේ රටේ මර්දනයට, දූෂණයට එරෙහිව අපි එදා අලුත් රටක් බිහි කළා. සෑම ක්ෂේත්රයකටම සහන ලබාදුන්නා. නමුත් අපේ විපක්ෂය අද ජාතිවාදය කථා කරලා මැතිවරණ දිනන්න හදනවා. රණවිරුවා ගැන කථා කරනවා. ආබාධිත රණවිරුවෝ දේශපාලන ව්‍යාපාරයට පාවිච්චි කරනවා. මාත් එක්ක ඇවිත් ඉන්නවා ආබාධිත රණවිරු සංවිධානයේ කැඳවුම්කරු. මෙතෙක් කල් නායකත්වය දීලා, අපේ ආණ්ඩුවේ නොයෙකුත් උද්ඝෝෂණ පවත්වලා ඉල්ලිම් දිනාගත්ත ඒ කැප්ටන් අසේල අද මේ වේදිකාවේ අපිත් සමග ඉන්නවා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන සටනේ. අපි රණවිරුවන් දහස් ගණනක් කොළඹට ගෙනෙනවා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්.
අද මුළු රටම පිබිදිලා රටම එක තැනකට එනවා. අද විපක්ෂය ප්‍රචාරය කරනවා අරයා එනවා, මෙයා එනවා, අරයා එන්න හදනවා අපි එපැයි කියනවා, කවුද යන්නේ ඔතනට. මේ තරම් පිරිසිදු තැනක් තිබිය දී ඔය කුණු ගොඩට කවුද යන්නේ. ඒවා හොඳයි විමල් වීරවංශ වගේ මෝඩයින්ට. අධ්‍යාපනයක් නැති වාචාලයින්ට. බුද්ධිමතුන්ට තියෙන එකම දේශපාලන වේදිකාව අපි ළඟයි. එම නිසා තමයි අද උගත් බුද්ධිමත් පිරිස් මේ සටන ජයග්‍රහණය කිරිමට අපිත් සමග දිනෙන් දින එකතු වන්නේ. 17 වෙනකොට මේ ජනතා සටනින් අපි සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ලක්ෂ 10කින් ජයග්‍රහණය කරනවා ” යැයි පැවසීය.
කෂිනි හපුආරච්චි