තමන් ගෞරවණීය, සරල හා අප්‍රකට ජීවිතකයක් ගත කිරීමට දැඩි ලෙස උත්සාහ දරා ඇති බවත් තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඇතුළු සියලුම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුතණුවන් වන විමුක්ති කුමාරතුංග පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමන් දේශපාලයට පිවිසීමට අවශ්‍ය පසුබිම සකසමින් පවතින බවට අසත්‍ය වාර්තා පළවෙමින් ඇති බවයි.
ඉකුතු වසර 21 පුරාවටත්, තවදුරටත් තමන් පශු වෛද්‍යවරයෙක් ලෙස තම වෘත්තියටත් පශු අක්ෂි වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ පුහුණුව සඳහාත් සම්පූර්ණයෙන් කැපවී එක්සත් රාජධානියේ සේවය කරන බවයි.
තමන් ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙක් වශයෙන් කටයුතු කිරීමට කිරීමට බලාපොරොත්තු වන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් බැහැර කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.