බෙලීස් රාජ්‍යයේ නැංගුරම්ලා ඇති මගී නෞකාවක කොවිඩ්-19 පොකුරක් ඉස්මතු වී ඇති බව කානිවල් මගී නෞකා සමාගම පවසයි.
කානිවල් විස්ටා මගී නෞකාවේ සිටි එක් මගියෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 26 දෙනෙකු මෙසේ ආසාදිත බව හඳුනාගෙන ඇත.
බලධාරීන් පැවසුවේ ආසාදිත පුද්ගලයින් හුදකලා කර ඇති අතර, ඔවුන් බොහෝ දෙනෙකු එන්නත් ලබාගෙන ඇති නිසා බොහෝ දුරට රෝග ලක්ෂණ නොමැති අය බවයි. සම්බන්ධතා සෙවීමේදී වෙනත් අවස්ථා හඳුනා නොගත් බවද ඔවුන් කියයි.
බෙලීස් සංචාරක බලධාරීන් මුහුදු වෙරළේ විනෝද චාරිකා සඳහා මගීන්ට ගොඩ බැසීමට අවසර දීමට පෙර සිදුවූ කොවිඩ්-19 පරීක්ෂාවකදී මෙසේ ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
ලතින් ඇමෙරිකාව මේ වනවිට කොවිඩ්-19 ආසාදනවල වැඩිවීමක් සමග කටයුතු කරන අතර, තවමත් එතරම් දත්ත නොමැති ලැම්බ්ඩා ප්‍රභේදය පේරු, ආර්ජන්ටිනා, චිලී සහ කොලොම්බියාවේ ආධිපත්‍යය දරන වෛරස ප්‍රභේදය බවට පත්ව තිබේ.