මෙගවොට් 96ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන සූර්ය බල ව්‍යාපෘති 14කට විදුලිබල අමාතයාංශය විසින් අනුමැතිය ලබා දී තිබෙන බැවින්, එහි වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජලවිදුලිය, ගල් අගුරු බලාගාර, ගැස් බලාගාර, සුර්ය බලශක්තිය, මුහුදු රළ විදුලිය උත්පාදනය කිරීම මෙන්ම සුළං බල විදුලි බලාගාර ද ඉදි කිරීමට පියවර ගත යුතුව තිබේ. එමනිසා විදුලිය නිෂ්පාදනය කළ හැකි සෑම අංශයක්ම කෙරෙහි අවධානය යොමු කරන්නැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ගල් අගුරු බලාගාර හා ඉන්ධන යොදාගෙන සිදු කෙරෙන විදුලිබල ව්‍යාපාති සම්බන්ධව විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කර තිබෙන විරෝධතා සැළකිල්ලට ගන්නා ලෙසත්, ඒ සම්බන්ධව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට තමන් බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
රජය ගල් අගුරු හා LNG බලාගාරවලට දෙන ප්‍රමුඛත්වය පුනර්ජනනීය බලශක්තියට නොදෙන බවට මතයක් ඇතැම් අය තුළ පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2017 වසරට වඩා 2018 වසරේ වහල මත සවිකරන සුර්ය බල කට්ටල Rooftop Solar Power panel භාවිතය සියයට 51කින් ඉහළ ගොස් තිබේ. ඒ අන්දමින් නිවෙස්වල වහල මත සුර්ය බල උත්පාදන කට්ටල සවි කිරීම කිසිසේත්ම අඩු නොකරණ ලෙසත් , සුර්ය බල ශක්තිය යොදා ගනිමින් සිදුකරන විදුලිය උත්පාදන ව්‍යාපෘති රටට ඉතාමත් හිතකර හා වැඩදායක බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.