මෙගාවොට් 100 ක සුළං බලාගාරයක් ඉදිකිරීමට රජය අවධානය යොමුකර තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ මෙය ඉදිකිරීමට නියමිතය.
ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඩෙන්මාර්කයේ Ms/ Vestas Asia Pacific A/S ආයතනය වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.