වසර 25 පසු එජාප ජනාධිපති අපේක්ෂකයෙක් ලබා ගැනිමේ සිහිනය අත ළඟ බවත් ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.
මාතර දිස්ති‍්‍රක් පළාත් පාලන මන්ති‍්‍රවරුන් දැනුවත් කිරිම සඳහා මාතර දි පැවති උත්සවය අමතමින් හෙතෙම මේ බව පැවසිය.
එහිදි අදහස් පළකල අමාත්‍යවරයා,
‘‘ අපි හිතුවටත් වඩා රුපියල තවදුරටත් අවප්‍රමාණය වුණා දැන් යළි වතාවක් එය ස්ථාවර කරන්න කටයුතු කරමින් පවතිනවා. ව්‍යවස්ථාදායකයේ කුමන්ත්‍රණයක් ඇතිවුණා කියලා ඒ අය බලය අරගෙන පැය 24 ක් යන්න කලින් ලෝක බැංකුව අපට එකග වු ගිවිසුම අත්හැරියා. ඇමරිකා එක්සත් ජනපදය පොළි නැතුව ලබා දෙන්න හිටි ඩොලර් මිලියන 569 කිසිම පැකිලිමක් නැතුව තහනම් කරා, ජපානයේ ආධාර තහනම් කරා, ඒ විතරක් නෙමෙයි ඒ හොර ආණ්ඩුව කැබිනට් මණ්ඩලයට ගෙනාපු පළවෙනි හොර පති‍්‍රකාව තමයි ගම්පෙරළිය නතර කරන එක, අපි නැවත බලයට ඇවිත් ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කරා. ලංකා ඉතිහාසයේ එක ආසනයකට මෙච්චර මුදලක් එකවර ලබාදිලා නැහැ. ජනවාරි ඉදන් දැන් කෝටි 30 දක්වා එය වැඩි කරලා තියෙනවා ’’
ඒ වගේම කියන්න ඕන මේ ජනාධිපතිවරණ වර්ෂය, මම පැකිලිමකින් තොරව කියනවා එය මේ වසර ඇතුලත අපට පත්කර ගන්න පුළුවන්. එජාපයේ මන්ති‍්‍රවරුන් බලයට පත්වෙලා මුකුත් කරගන්න බැහැයි කිය කිය හිටියේ. මාධ්‍යයත් තියෙනවනේ, ඔයගොල්ලො ඉන්න කොට අපිට නිදහසේ කතා කරන්න බැහැ. එත් මම කියනම් වසර 25 පසුව එජාපම ජනාධිපතිවරයෙක් ලබා ගැනිමේ සිහිනය අත ළගම තියෙනවා. අන්න ඒ සිහිනය සැබැ කරගන්න වැඩ කරන්න ,සංවිධානය වෙන්න කියලා ඉල්ලා සිටිනවා ’’ යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.