මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මරණය ඝාතනයක් බවට අනාවරණ වීමත් සමග එම ව්‍යාපාරිකයාගේ සිරුර ගොඩගෙන පරීක්ෂණ සිදු කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
ඒ, මෙම ව්‍යාපාරිකයාගේ මරණය සිදුවී මාස 08 කට පසුවයි.
ඉකුත් ඔක්තෝම්බර් මස 03 වනදා එම මරණය සිදුව ඇති අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊට ආසන්න දිනකදී සිදුකර තිබෙනවා.
පසුව සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ එය ඝාතනයක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ ව්‍යාපාර ස්ථානයේ සේවය කළ සේවකයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.