මිගමුව නගර සභාවට අයත් වෙළෙද සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන ඇත.
ඒ වෙළෙද සංකීර්ණයේ පිහිටි රෙදිපිළි අළෙවි කිරීමේ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙක් සහ ඔහුගේ බිරිඳ හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන්ය.
මෙම ව්‍යාපාරිකයාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන්ගේ වෙළෙද සැලට ආසන්නයේ පිහිටි සෙසු වෙළෙදසැල් වසා දැමීමට පියවර ගත් බවත් හෙට දිනයේදී එහි සිටි පුද්ගලයින් 100 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කිරිමට සැලසුම් කොට ඇති බවට වාර්තා වෙයි.