කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය තවදුරටත් පවතින ප්‍රදේශවල රෙදි මුඛ ආවරණයක් හෝ පැළඳීමට සාමාන්‍ය ජනතාව දිරිමත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලීමක් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම යාවත්කාලීන කරන ලද නිර්දේශය සමග ඔවුන් විසින් මුඛ ආවරණ පිළිබඳව මෙතෙක් දැරූ මතය වෙනස් වී ඇත. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ ඔබට අසනීපයක් නොමැති නම් හෝ හෝ අසනීපව සිටින අයෙකු රැකබලා නොගන්නේ නම් සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් මුඛ ආවරණ තොග ආරක්ෂා කිරීම සඳහා ඒවා පැළඳීමෙන් වළකින ලෙසයි.
නමුත් දැන් ඔවුන් එම මතය වෙනස් කර ඇති අතර, සියලු සෞඛ්‍ය සේවකයන් සහ වැඩිහිටි නිවාසවල සාත්තු සේවකයන් සිය සේවා කාලය තුළ මුඛ ආවරණ පැළඳීමට උනන්දු කරන ආකාරයෙන්ම සාමාන්‍ය ජනතාවටද මුඛ ආවරණ පැළඳීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
"පොදු ප්‍රවාහනය, වෙළෙඳ සැල්, වෙනත් කාර්යබහුල හෝ ජනාකීර්ණ පරිසරයන් හිදී මුඛ ආවරණ පැළඳීමට රජයන් විසින් සාමාන්‍ය ජනතාව දිරිමත් කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙනවා" ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ඊයේ (05දා) ජිනීවාහි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.
එනම්, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වෙනස් වෙමින් පවතින සාක්ෂි මත පදනම්ව නව මග පෙන්වීම යාවත්කාලීන කළ බව ටෙඩ්රොස් පැවසීය.
එහිදී මෙම නව මඟ පෙන්වීමේදී නිවසේදී මසාගත් රෙදි මුඛ ආවරණයක් හෝ භාවිත කිරීම නිර්දේශ කළද, අවම වශයෙන් එය ස්ථර තුනකින් සෑදි තිබිය යුතු බව කියයි. එහිදී කපු වැනි අවශෝෂක ද්‍රව්‍යයක අභ්‍යන්තර ස්ථරයක්, පෙරනයක් හෝ බාධකයක් ලෙස ක්‍රියා කරන මැද ස්ථරයක් (මෙය වියන ලද ද්‍රව්‍යයක් නොවන පොලිප්‍රොපිලීන් වැනි) සහ පොලියෙස්ටර් හෝ පොලියෙස්ටර් මිශ්‍රිත වැනි අවශෝෂක නොවන ද්‍රව්‍යයක පිටත තට්ටුවක් මෙම මුඛ ආවරණයට තිබිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
එහිදී සිල්ක්, ඇදෙන සුළු හෝ දිය කාන්දු වන ද්‍රව්‍යවලින් වැළකී මුඛ ආවරණයක් මසා ගැනීම හෝ සපයා ගැනීම සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.