වසංගතය ආරම්භයේදී මිසිසිපි ප්‍රාන්තයේ කළු ජාතික ප්‍රජාවන්ට දැඩි ලෙස වෛරසයෙන් පහර වැදී තිබුණත්. ගිම්හානය හා දැන් සීත සෘතුව එලඹීමත් සමග එම ප්‍රවණතාව රජයේ සුදු ප්‍රජාව වෙත බලපා ඇති බව එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරියෙකු වන වෛද්‍ය තෝමස් ඩොබ්ස් පවසයි.
"දැන් එය නව ආසාදනවලින් 60%කට වඩා සුදු ජාතිකයන් වන අතර, මරණ අනුපාතයද එය පිළිබිඹු කරනවා" ඩොබ්ස් පැවසීය.
ඩොබ්ස් යෝජනා කළේ අප්‍රිකානු ඇමෙරිකානු ජනගහනය සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ පැලඳීමේ මහජන සෞඛ්යාරක්ෂක පියවර වඩාත් බැරෑරුම් ලෙස සැලකීම මෙම නව ප්රවණතාවට හේතු වී ඇති බවයි.
"අප්‍රිකානු ඇමෙරිකානු ප්‍රජාව දැන් අප පවසන දේ හොඳින් පිළිගන්නා ප්‍රේක්ෂක පිරිසක් ලෙස හඳුන්වන්න පුළුවන්. එයට හේතුව ඔවුන් මුලදී වසංගතයෙන් දැඩි ලෙස පහර වැදී පුද්ගලික අත්දැකීම් විඳ ඇති අය නිසයි. නමුත් ජනගහනයේ වෙනත් කොටස් වෙතින් අපට ඒ සෞඛ්‍ය පුරුදු වෙත යොමුවීමේ සාර්ථකත්වය දැකගන්නට අමාරුයි." හෙතෙම පැවසීය.
"කොහොම වුණත් කිසිවක් පරිපූර්ණ වන්නේ නැහැ. නමුත් මේ වනවිට කළු ප්‍රජාව තුළ අප ලබාදෙන පණිවිඩය වඩාත් සාරවත් භූමියකට පැමිණ ඇති බව පෙනෙනවා" ඔහු තවදුරටත් පැවසීය. මෙය එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්තවල දැකිය හැකි ප්‍රවණතාවක් බවද කියැවේ.