ඉන්දීය ජනතාව මුඛ ආවරණ පැලඳීමටත්, නිතර දෑත් සේදීමටත් දක්වන උදාසීනත්වය මෙන්ම ශාරීරික දුරස්ථභාවය සම්පූර්ණයෙන්ම පාහේ නොසලකා හැරීම කොවිඩ්-19 වසංගතය මෙසේ ව්‍යාප්ත වීමට හේතුවක් වුවත්, මෙම දෙවැනි රැල්ල වඩාත් තීව්ර වීමට වෛරසයේ නව විකෘතියක්ද හේතු වන්නට ඇති බව හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය වික්‍රම් පටෙල් පවසයි.
එමෙන්ම ෆෙඩරල් රජය විසින් පෙබරවාරි මාසයේදී කොරෝනා වෛරසයට ඉඩකඩ රිසිසේ ලබාදෙමින්, සීමාවන් ඉවත් කළ බවත්, විශාල දේශපාලන රැස්වීම් මෙන්ම, දැවැන්ත හින්දු ආගමික උත්සව රිසිසේ පැවැත්වීමට ඉඩදුන් බවටත් චෝදනා නඟන විශේෂඥයන්, එය ඉන්දීය පාලකයන් සිදුකළ බරපතළ අත්වැරැද්දක් බව කියයි.
මෙම පසුබිම තුළ පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව මෙතෙක් ඇමෙරිකාව වාර්තා කර තිබූ දෛනික ආසාදන අගය ඉක්මවා ගිය අතර, මේ වනවිට එය දෛනිකව ලක්ෂ 3.5කට ආසන්න වී තිබේ.
දිල්ලියේ රෝහල් පසුගිය සතියේ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ වෛද්‍ය සැපයුම් අතර මේ මොහොතේ අත්‍යවශ්‍ය වී ඇති ඔක්සිජන් ලබාදෙන ලෙස ප්‍රාන්ත සහ ෆෙඩරල් රජයන්ට නියෝග කරන ලෙසයි.
"මේක සුනාමියක්. අපි කොහොමද ධාරිතාව වැඩි කිරීමට උත්සාහ කරන්නේ?" පෙත්සමට ප්‍රතිචාර වශයෙන් එරට අධිකරණයද ප්‍රාන්ත සහ ෆෙඩරල් රජයන්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් විමසුවා පමණි.
රෝහල් කොරිඩෝවල සහ වීදිවල සිටින රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා බලා සිටින දසුන් මේ වනවිට ලොවපුරා මහත් භීතියක් ඇති කර තිබෙන්නේ, මෙය කොවිඩ්-19 වසංගතයේ පෙරනොවූ විරූ තත්ත්වයක් බවට පත්කරමිනි.
මේ සුනාමියෙන් ගැලවීමට නම් ඉන්දියාව වහාම අධික ආසාදන ඇති රතු කලාපයන් වහාම දැඩි ලොක්ඩවුන් සීමා පැනවීමත්, හැකි ඉක්මනින් එන්නත් ලබාදෙමින් ප්රතිශක්තීකරණය වේගවත් කිරීමත් හැර වෙනත් විකල්පයක් නොමැති බව විශේෂඥයන්ගේ අදහස වී තිබේ.