කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පළමු පුද්ගලයා මිය ගිය බව මෙක්සිකානු සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. එම පුද්ගලයාට වෛසරය ආසාදනය වූ බවට රෝග ලක්ෂණ හඳුනාගත්තේ මාර්තු 9 වැනිදා බව වාර්තා වනවා.
මීට අමතරව රුසියාවේ මොස්කව් නුවර ආසාදිත පුද්ගලයකුද වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇත. ඔහු කොරෝනා වයිරසයෙන් රුසියාවේදී මිය ගිය පළමුවැන්නා බව හඳුනාගෙන ඇත.