පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (29දා) රාත්රියේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
35 හා 36 හැවිරිදි වියෙහි පසුවන දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
පොලිස් විශේෂ කාර්ය බළකාය හෝමාගම හා බණ්ඩාරගම යන ප්රදේශවලදී සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබූ ගිනිඅවියක් හා පතරොම් තොගයක්ද පොලිස් භාරයට ගනු ලැබ ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය හා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් දීර්ඝව කළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩගුවට ගැනීම සිදු කර තිබේ.
සැකකරුවන් අද හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 04 දා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.