මේ වන විට රට තුළ වර්ධනය වී ඇති අපරාධ රැල්ලට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්, පොලීසිය භාවනා කිරීම පළක් නොවන බවත් හිටපු අමාත්‍ය රවි කරුණනායක මහතා පවසයි.
කොළඹදී ඊයේ (20දා) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Q රටේ මිනී මැරීම්, මංකොල්ල කෑම්, වෙඩි තැබීම් ගණනාවක් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙළක් රජයට ගන්න පුළුවන් වෙයිද?
A ඔව් ගන්න අවශ්‍යයි. මං හිතන්නේ අලුත් ඇමතිවරයා ඒ ගැන කතා කිරීම අවශ්‍යයි. පොලීසියේ 99%ක් හොඳට ඉන්නවා කටයුතු කරනවා. නමුත් ඉහළ නිලධාරීන් තුළින් පල්ලහොට ඒ ඕඩර් එක හරියට එන්නේ නෑ. භාවනා කර කර පොලීසියට දුවන්න බෑ. වගකීමක් ගන්න අවශ්‍යයි. කතාව ක්‍රියාවට යෙදවීමට අවශ්‍යයි. මෙහෙම වෙඩි තියාගෙන යන කොට පොලීසියක් ඕන නෑනේ.