භාරකාර ආණ්ඩුවක් යටතේ හෝ මැතිවරණයක් පවත්වා මෙම අර්බුදය විසඳාගත යුතුව පවතින බවද අර්බුදය මැද්දේ රට ඉස්සරහට ගෙනයාමට හෝ බහුතරය ලබාගැනීමට උත්සාහ කිරීම තුල අර්බුදය තවදුරටත් ඔඩු දුවනවා හැර වෙනත් විසඳුමක් නොලැබෙනු ඇති බවද සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසි හඬ සංවිධානයේ කැඳවුම්කරු චන්ද්‍රෙස්න විජේසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පැවසුවේ ඊයේ පස්වරුවේ ගාල්ල දඩල්ලේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්ද්‍රෙස්න විජේසිංහ මහතා මෙසේද පැවසීය
මෙරට පවත්නා දේශපාලන අර්බුදය දවසින් දවස මෝරමින් වැඩිදියුණු වෙමින් පාර්ලිමෙන්තුව රැස්වන සෑම දිනයක් පාසාම රැළි ගසමින් අර්බුදය ඔඩු දුවන තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ඒ වගේම අපේ රටේ සියළුම පක්ෂ විපක්ෂ දේශපාලකයින් මේකට විසඳුම් සොයනවා වෙනුවට ඒ වෙනුවෙන් මහන්සි වෙනවා වෙනුවට ඒ සඳහා කැප කිරීමක් කරන්න සූදානම් වනවා වෙනුවට මේ අර්බූදය පා පන්දුවක බවට පත්කර ගනිමින් මේකේ ගෝල් ගන්න තමයි දැන් සියලු දෙනා සූදානම් වෙන්නේ.
ඒ ඇතුලේ එක පැත්තකින් අපේ රටේ ජන ජීවිතය බිඳ වැටෙමින් පවතිනවා. අපේ රටේ පරිපාලනය බිඳ වැටෙමින් පවතිනවා, රට අරාජික වෙමින් පවතිනවා, රටේ ආර්ථිකය බරපතල ලෙස දුර්වල වෙමින් පවතිනවා. ඒ විතරක නෙමේ අපි කාල පරිච්ජේදයක් තිස්සේ ගොඩනගා ගත්ත මේ රටේ ප්‍රතිරෑපය පවා මේ මොහොත වන විට විනාශ වෙමින් පවතිනවා.
දැන් වහ වහා කල යුතු වන්නේ පක්ස විපක්ෂ සියලුදෙනා ඒකාබද්ධ වෙලා ඒ වගේම සියලු රට වැසියන් මේ රටේ උගතුන් බුද්ධිමතුන් සියලුදෙනාම මේ අර්බුදය විසඳා ගැනීම සඳහා තමයි මේ මොහොතේ කැප කිරීම් කල යුතු වන්නේ.
ජිනේෂ් නානායක්කාර