මහා භාණ්ඩාගාරය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අද (23දා) සඳහන් කළේය.
පසුගිය කාලයේ කළ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කෝටි ප්‍ර කෝටි ගණනින් මුදල් ගෙවීමට සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
"මහා භාණ්ඩාගාරය පතුලටම හිදිලා තිබෙන්නේ. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගෙවන්න තිබෙනවා.
මේ පිළිබඳව සංඛ්‍යා දත්ත සහිත නිවැරදි වාර්තාවක් මුදල් අමාත්‍යවරයා විසින් ජනතාවගේ දැනුවත්වීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. "