බැඳුම්කර වාර්තාව භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණය කිරීම සඳහා තවත් මාසයක කාලයක් ගතවනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය ඊයේ (19දා) සවස තමන්ට ලිඛිතව දැනුම් දුන් බව කථානායක කරු ජයසූරිය මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධව සාකච්ඡා කළ බවද කථානායකවරයා සඳහන් කළේය.
බැඳුම්කර විවාදය නැවත පැවැත්වීමට කටයුතු කරන ලෙස විමල් වීරවංශ මහතා පවසා සිටි අවස්ථාවේ කරු ජයසූරිය මහතා මේ බව පැවසීය.