මතභේදයට තුඩු දී ඇති බැටිකලෝ කැම්පස් ආයතනය ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මේ වන විට විකල්ප දෙකක් පිළිබඳව අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මඩකලපුව මණ්ඩපය ලෙසින් හෝ අලුත් සරසවියක් ලෙස එම ආයතනය පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇති බව ඔහු පැවැසීය.
බැටිකලෝ කැම්පස් ආයතනයට උපාධි ප්‍රධානය කිරීමට අවස්ථාවක් නොමැති බවත් එයට ඇති යටිතල පහසුකම් කොළඹ සරසවියට හෝ පේරාදෙණිය සරසවියට නොමැති බවත් ඔහු සඳහන් කළේය.