එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක මහතා නව රජයේ අමාත්‍යධුරයක් ලබා ගැනීම කනගාටුදායක තත්ත්වයක් බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම තමන්ටත් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට ආරාධනා බොහෝමයක් ලැබුණ බවත් ඔහු සඳහන් කළේය.