බස්රථ සේවකයන් අද (16දා) අලුයම සිට ක්‍රියාත්මක කරමින් තිබෙන වර්ජනය බස්රථ හිමි සංගම් විසින් කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
එහෙත් වැඩවර්ජනයට සම්බන්ධවී ගැටලු විසඳන තෙක් අඛණ්ඩව වර්ජනය සිදුකරන බවද එම සංගමයේ ලේකම් සුමිත්‍ර කුමාරදාස මහතා සඳහන් කළේය.
ඒ අනුව අද (16දා) දිනයේදී කොටුව ප්‍ර‘දේශයේ සිදු කිරීමට සැලසුම් කර සේවක විරෝධතාවක් ඇතැම් සංගම් එකතු වී තර්ජනය කර කඩාකප්පල් කර දැමූ බවද පවසා සිටියේය.
අද ධාවනය කළ බහුතර බස් රථවල සේවය කළ පුද්ගලයන් මත්ද්‍රව්‍ය පානය කරන්නන් බවත් මීට අමතරව බස් හිමියන්ගේ තර්ජන කිරීම් නිසා ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සේවයේ නිරත වූ බවද ලේකම්වරයා සඳහන් කළේය.
එහෙත් දිනක් දෙකක් බස් හිමියන්ට මෙම බලය පෙන්විය හැකි බවත් මේ නිසා වර්ජනය අඛණ්ඩව සිදුකරන බවද කියා සිටියේය.