රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස් රථ සේවක සංගමය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.
බස් රථ බොහෝමයක් තරඟකාරි ලෙස ධාවනයේ යෙදීම ඇතුළු, මගී ජිවීත අවධානමකට ඇද දමන බොහෝ ක්‍රියාකරකම් වල නිරත විම සහ ඒවායින් සිදුවන අනතුරු අද වන විට සුලභ කාරණයක් බවට පත් වී ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.
බස් රථ සේවක සංගම් විසින් චෝදනා කරන ආකාරයට දඩ ගාස්තු ඉහළ දැමීම නිසා රියදුරන් අපහසුතාවට පත්වන බව මිත්‍යාවක් බව තම සංගමයේ විශ්වාසය බවද ඔවුන් පෙන්වා දෙයි.