ඩීසල් මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා බස් සංගම් අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
මේ හේතුවෙන් සතියක් තුළ බස් සංගම්වල යෝජනා හා අදහස් ජාතික ගමනාගමන කොමිසමට ලබාදෙන ලෙස කොමිෂන් සභා බලධාරීන් ඉල්ලා ඇත.
මීට අමතරව සියලු අදහස් හා යෝජනා මේ මස 21 වැනිදා සමාලෝචනය කිරීමටද තීරණය කර තිබේ.