බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 174 දෙනෙකු අද (17) පි.සි.ආර්. පරික්ෂණවලට යොමු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරන නවක රැදවියන් පළමුව නිරෝධායන කටයුතු සදහා බුස්ස බන්ධනාගාරයට රැගෙන එනු ලබති.
දැනට නිරෝධායනය වන මෙම රැදවියන් පි. සි.ආර්. පරික්ෂණවලට ලක් කිරිමෙන් පසු පි.සි.ආර්. පරික්ෂණ වාර්තාවලට අනුව කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවිමෙන් පසු එම රැදවියන් අදාල ප්‍රදේශිය බන්ධනාගාරගත වලට යොමුකිරිමට කටයුතු කිරිමට නියමිතව ඇති බවද වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.