බුස්ස බන්ධනාගාරයේ ඒ වාට්ටුවේ සිටි සිරකරුවකු සිය සරමෙන් සිරමැදිරිය තුලදි ගෙළ වැළලාගෙන මියගොස් ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.
අද (20) අළුයම මොහු ගෙළවැළලාගෙන ඇති බව පොලිසිය පවසයි. ගෙළවැළලාගෙන ඇත්තේ 54 හැවිරිදි වියේ පසුවන අයෙකි. මියගිය සිරකරු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්දයෙන් පානදුර අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. කළුතර බන්ධනාගාරගත කිරිමට නියමවි ඇති අතර නිරෝධායනය සඳහා ඔහු මෙම මස 03වැනිදින බුස්ස බන්ධනාගාරයට රැගෙන විත් තිබේ.
මියගිය පුද්ගලයා මළ සිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කොට ඇත. පශ්චාත් මරණ පරික්ෂණය අද පැවැත්විමට නියමිතව තිබුණි.