බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 120 දෙනෙකුගේ පි.සි.ආර්.පරික්ෂණ සිදුකළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.
මෙකි රැදවියන් පි. සි.ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදු කරණු ලැබිය.මිට අමතරව ගාල්ල බන්ධනාගාරයේ රදවා සිට මාදුරුඔය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදි කොරෝනා වෛරසය ආසාදනය වු රැදවියගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු පි. සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි ඇති බවද ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.
ඉදිරියේ රත්ගම ප්‍රදේශයේ වැඩිහිටිනිවාසවල සිටින අයගේ, මොන්රොවියාවත්ත කසළ අංගනයේ කාර්ය මණ්ඩලයේ සහ රත්ගම ප්‍රදේශිය සභාවේ කසළ කම්කරුවන් ඇතුළු 150 දෙනෙකුගේ පමණ පි. සි ආර්. පරික්ෂණ සිදුකිරිමට නියමිතව ඇති බවද රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කමල් කොඩිකාර මහතා පැවසිය.
ජිනේෂ් නානායක්කාර