බුස්ස බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
බුස්ස බන්ධනාගාරය මගින් කරණු ලැබු අහඹු පි. සි.ආර් පරික්ෂණයේ දි මෙම රැදවියන් තුන් දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
මෙකි පිසිආර් පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ජෛව රසායනාගාරයේ දි සිදුකොට ඇත.
බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට හා අම්බලන්ගොඩ හා රත්ගම ප්‍රදේශවල දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා අප කළ විමසුමකදි පැවසිය.
බුස්ස බන්ධනාගාරයේ කොරෝනා වෛරසය අසාදනය වි ඇති රැදවියන් තිදෙනාගෙන් දෙදෙනෙකු හිනිදුම පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
ඉන් එක් අයෙක් ගංජා ළග තබා ගැනිම හා අනික් පුද්ගලයා එළුවකු සොකරම් කිරිම සම්බන්ධයෙන් හින්දුම පොලිසිය මගින් පසුගිය 01 වැනිද සහ 03 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් උඩුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.
මෙම රිමාන්ඩ් සිරකරුවන් දෙදෙනා නිරෝධායනය සදහා බුස්ස බන්ධනාගාරයට යොමු කොට ඇත.