බුස්ස අධිආරක්ෂික බන්ධනාගාරයේ සිරකරුවන්, නිලධාරින් හා බන්ධනාගාරයට ආරක්ෂාව සපයන විශේෂ කාර්යබලකායේ නිලධාරින් 305 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
ඒ අනුව සිරකරුවන් 207 දෙනෙකු, නිලධාරින් 25 දෙනෙකු හා විශේෂකාර්යබලකායේ පොලිස් නිලධාරින් 73 දෙනෙකු ඊයේ (15) දින පි.සි.ආර් පරික්ෂණයට ලක්කොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
එමෙන්ම බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටියදි කොරෝනා ආසාදනය වු රැදවියන් 47 දෙනාගේ පවුල්වල සාමාජිකයින් ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇති බවද හෙතෙම පවසයි. එමෙන්ම බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් මුදාහරිනු ලබන රැදවියන් සිය නිවෙස තුල දින 14ක් නිරෝධායනය වියයුතු බවත් එම රැදවියන්ගේ නාම ලේඛන අදාල ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වෙත යොමුකිරිමට කටයුතුකර ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පෙන්වා දෙයි.
එමෙන්ම මෙම රැදවියන් අත්අඩංගුවට ගැනිමට ගිය පොලිස් නිලධාරින් ද ස්වයං නිරෝධායනයට ලක්කොට පි.සි.ආර් පරික්ෂණ කිරිමට කටයුතු කරණ බවද ඒ මහතා පෙන්වා දෙයි.