බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ තවත් රැදවියින් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
ඉකුත් 19 වැනිදින බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැදවියන් 32 නෙකු පි.සි.ආර් පරික්ෂණයට ලක්කරණු ලැබිය. එම පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති අතර තවත් 04 දෙනෙකුගේ පි.සි.ආර් සාම්පල් දෙවැනි රසායනාගාර පරික්ෂණයට යොමුකොට ඇති බවද හෙතෙම පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වි ඇති රැදවියන් අත්අඩංගුවට ගත් හා අධිකරණයට රැගෙන ගිය පොලිස් නිලධාරින් පි.සි.ආර් පරික්ෂණයකට ලක්කළ යුතු බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මෙකි වාට්ටුවේ රැදවියන් 74 දෙනෙකු සිට ඇති අතර මේ වනවිට ඉන් 60 දෙනෙකුමට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය. කොරෝනා ආසාදනය වු රැදවියන් 11 දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කළ බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.