වර්තමාන රජය බලයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් කළ බැසිල් රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු අප රජය තවත් ශක්තිමත් කිරීමක් බවත් ඒ වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ඊපීඩීපී නායක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි
බැසිල් රාජපක්ෂ මහතා වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ රටේ ආර්ථිකය මෙහෙය වීම සඳහා විශාල කාර්යභාරයක් කළ අතර වර්තමාන එය රටේ ජනතාව හොඳින් අවබෝධ කරගෙන සිටී.
වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අභියෝග ජය ගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට විශාල හැකියාවක් ඇති බවත් එවැනි අයකු මුදල් අමාත්‍ය ධූරයේ වගකීම භාර ගැනීම තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාමයෙන් උතුරු නැගෙනහිර සංවර්ධනයට ලබාදුන් දායකත්වය නැවතත් ලැබේ යැයි උතුරු නැගෙනහිර ජනතාව දැඩි අපේක්ෂාවෙන් පසුවන බව සුභ පැතුම් එක් කරමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.