හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහා අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිතය.
ඒ අනුව ඔහු දිවුරුම් දීමෙන් අනතුරුව අසුන් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 09 වැනි අසුන පනවා ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
මීට පෙර ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 9 වැනි අසුන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හිමි තිබුණි.
බැසිල් රාජපක්ෂ මහතාට 9 වැනි අසුන පැනවීමත් සමග පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඊට යාබද ඇති අසුන පනවා තිබේ.
කෙසේ වුවත ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ සිටින අමාත්‍යවරයෙකුට ආණ්ඩු පක්ෂයේ දෙවැනි පෙළ අසුනකට යාමට සිදුවනු ඇත.
මේ අතර බැසිල් රාජපක්ෂ මහතා අද දිනයෙදී අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම්දීමට නියමිත බවද වාර්තා වෙයි.