ශ්‍රී පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තිය ආණ්ඩුවට අවශ්‍ය බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඔහු ඉතා හොද සංවිධායකවරයෙක් බවයි.
මාසෙකට ආසන්න කාලයක් දිවයිනෙන් බැහැරව සිටි බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් ගම්පහ දි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
“2005 අපි ආණ්ඩුව ගත්ත වෙලේ ඉදන් සියලු මැතිවරණ ජයග්‍රහණ වලට බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දායකත්වය ලැබුණා. 2015 මහින්ද මහත්තයා පැරදුණාම ඔහු එහි වගකීම භාරගත්තා. සාමාන්‍ය යෙන් ජයග්‍රහණයක දී අයිතිකරුවන් බොහෝ සිටියත් පරාජයක දී වගකීම භාරගන්න කෙනෙක් නෑ.
ඔහු ඒ වගකීම භාර ගත්ත වගේම නැවත ජයග්‍රහණය කරන්නත් අවශ්‍ය සංවිධාන කටයුතු කළා. පෞද්ගලික කටයුත්තකට රටින් බැහැරව හිටපු බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමීණීම පිළිබද ව අපි සතුටු වෙනවා. මේ වෙන සමහර දේවල් වල දී එතුමාගේ සංවිධානය ශක්තිය අපිට අවශ්‍යයි. ”