පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්රී ජයන්ත කැටගොඩ මහතා වෙනුවට බැසිල් රාජපක්ෂ මහතාගේ නම එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.
ඒ අනුම ඔහුගේ නම ඉදිරියේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් මන්ත්රීවරයෙක් ලෙස පත්කළ බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්රකාශයට පත්කරනු ඇත.
අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේදී දිවුරුම්දීමට නියමිතය.
ඉන් පසු ඔහු අමාත්යධුරයකටද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට නියමිතය.