අයතා අන්දමින් උපයාගන්න ලද මුදල් වලින් මිලියන 50ක මුදල් යොදවා මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදි ගැනිම සම්බන්ධව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අද (13) කැඳවු අවස්ථාවේ මාතර අතිරේක මහේස්ත්‍රාත් ගංගා රාජපක්ෂ ම හතා ජුනි මස 19 තෙක් නඩුව කල් තැබිමට නියෝග කළේය .
මාතර බ්‍රවුන්සිල් ප්‍රදේශයේ අක්කර එකහාමාරක ඉඩමක් බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සොයුරිය වන පුණ්‍යා කාන්ති යන අයගේ නමට මිලදි ගැනිම සම්බන්ධව චෝදනා ගොනු කල තිබුණි. මිට පෙර ( 2017- 11-30) නඩුව කැඳවු අවස්ථාවේදි ජෙසා ආයතනයේ නිලධාරින් පවසා සිටියේ මෙම නඩුව පවතින ඉඩමේ ඉදිකිරිමක් සිදුකරන බවත් එය වහා නතර කරන ලෙසත්ය.
පුණ්‍යා කාන්ති යන අයගේ නමට මෙම මුදල් ලැබි තිබෙන නිසා ඇය අධිකරණයේ පෙනි සිටිය යුතු යැයි අධිකරණයෙන් ඉල්ලා සිටියාය . එහිදි මහේස්ත්‍රාත් ඉඩමේ ඉදිකිරිම් නතර කරන ලෙස කරන ලද ඉල්ලිම ජෙසා ආයතනයේ ඉහල නිලධාරියෙක් ඉල්ලා සිටිය යුතු බවත් එසේ ඉහළ නිලධාරියෙක් අධිකරණයට පැමිණ නොමැති නිසා එය ප්‍රතික්ෂේප කරන බවත් අධිකරණය මග හරිමින් සිටින පුණ්‍යා කාන්ති යන අයට නොතේසි නිකුත් කරනු ලැබිය.
එහෙත් වෙනත් රටක පුරවැසිභාවය ලබා සිටින බව පැවසෙන පුණ්‍යා කාන්ති යන අය අධිකරණය හමුවේ පෙනි නොසිටියහ .