අයතා අන්දමින් උපයාගන්නා ලද මුදල් වලින් මිලියන 50ක මුදල් යොදවා මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන්හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව අද කැදවීය.
එහිදි එම නඩුව පෙබරවාරි 13 වන දින දක්වා නඩුව කල්තබන බව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද නියම කළාය.
මාතර බ්‍රවුන්සිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් බැසිල්රාජපක්ෂමහතාගේ බිරිදගේ සොයුරිය වන පුණ්‍යා කාන්ති යන අයගේ නමට මිලදී ගැනීම සමබන්ධව මෙම චෝදනා ගොනු කළ තිබුණි.