බස්රථ සේවක ගැටලු විසඳීමට බලධාරීන්ට ලබා දුන් කාලය තුළදී ගැටලු විසඳීමට කටයුතු නොකළ බැවින් අද (15දා) මධ්‍යම රාත්‍රී 12 සිට සේවයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික මගී සේවක සංගමය සඳහන් කරයි.
ගැටලු විසඳන තෙක් වැඩවර්ජනය සිදු කරන බවත්, මීට අමතරව වර්ජනයේ නිරත වන බස්රථ රියදුරන් කොන්දොස්තරවරුන් හා වර්ජනයට සහාය දක්වන අනෙකුත් ප්‍රවාහන සේවා නියෝජිතයන් හෙට (16දා) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් එම සංගමයේ ලේකම් සුමිත්‍ර කුමාරදාස කුලියාපිටිය මහතා සඳහන් කළේය.
10%ක වැටුප් ඉහළ දමා ගැනීමට හා ඉහළ දැමූ රථවාහන දඩමුදල් පහළ දමා ගැනීමට සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදලේ හා භාරකාර අරමුදලේ දායකත්වය ලබා ගැනීම මූලික කර ගනිමින් මෙම වර්ජනය සිදු කරන බවද ඔහු පවසා සිටියේය.