කුරුණෑගල සිට ත්රිකුණාමලය දක්වා ගමන්ගත් පුද්ගලික බස් රථයක සිටි කාන්තාවකට මත්පෙති දමන ලද බීම වර්ගයක් පානය කිරිමට දි ඇය සතු මුදල් හා රන් භාණ්ඩ සොරා ගෙන ඇත.
ඇය මත් වු විට ඇගේ ගමන් බෑගයේ තිබු රු.129000ක් හා රු.550000 වටිනා රන් භාණ්ඩ මෙලෙස සොරා ගෙන ඇත. ඉන්පසු එම සැකකරු බස්රථයේ මගින් විසින්ම අල්ලා කන්තලේ පොලීසයට භාර දි ඇති අතර සිහි මුර්ජා වි සිටි කාන්තා වයස අවු. 43ක්වු ධීවරගම්මානය,කොඩිබේ ,පදිංචි හම කාන්තාව කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවු 45ක්වු රණවිරුගම ,මැදිරිගිරිය පදංචි කරුවෙකි.
සැකකරු කන්තලේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.