බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල සඳහා පුටු ගෙන්වීමේ ඇනවුම අද (13දා) සිට තහනම් කළ බව ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පැවසීය.
රාජගිරියේ පිහිටි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
එයට අදාළ නියෝග ලිපිය සකස් කරන්නැයි පළාත් ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දුන් බවත්, සාම්පල් ගෙන්වා නොතිබීම, වාර්තා දෝෂ සහිතවීම,ටෙන්ඩර් පටිපාටිය නිසි පරිදි සිදුනොවීම ආදි කරුණු ගණනාවක් මෙම තීරණය ගැනීමට හේතු වූ බවත් හෙතෙම පැවසීය.
රුපියල් 64400ක් ලෙස පුටුවක වටිනාකම දක්වා තිබුණද තීරු බදු එකතු වූ විට පුටුවක සෑබෑ වටිනාකම් රුපියල් 844000ක් වන බවත්, පාර්ලිමේන්තුවේ පුටුවලට සමාන පුටු ස්පාඤ්ඤයෙන් ගෙන්වීමේ යෝජනාව ඕපපාතිකව ඉදිරිපත්වී තිබෙන බවත්, ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩල එය තීරණය කර තිබුණද එම යෝජනාව ඉදිරිපත් කළ අයෙකු පිළිබඳ සඳහන් නොවන බවත් නානායක්කාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන් 104ක් සිටින බස්නාහිර පළාත් සභාව සඳහා පුටු 144/150 ආදි වශයෙන් විවිධ ප්‍රමාණයන් සඳහන් කරමින් ඇනවුම් කර තිබුණු බවත්, එම ඇනවුම නතර කළද පළාත් සභාවට හෝ රටට පාඩුවක් සිදුනොවන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.