බනාහිර පළාත් සභාව පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සිදු කළ සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි බව නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සිය මතය දැනුම් දී ඇත.
පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේ දී නැවත සංශෝධනය කිරීමට කටයුතු කර තිබුණි.
එසේම 2019 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයෙහි කිසිදු වෙනසක් නොකොට එය ක්‍රියාත්මක කරන ලෙස බස්නාහිර පළාත් සභාවට දැනුම් දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.