ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජාන විශ්ලේෂණ අංශය ඉදිරිපත් කර ඇති පර්යේෂණ ප්‍රතිඵල අනුව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන්ම පැතිර යන්නේ බස්නාහිර පළාතේ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභික විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
රටේ 70%කට පමණ එන්නත්කරණය කර එම එන්නත්වල ප්‍රතිශක්තිය වැඩි වන තෙක් රටේ සියලු ජනතාව මෙම කොවිඩ් රෝගයෙන් වැළකි සිටිමට කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.