බස්නාහිර පළාතේ රැකියා වල නිරතව සිට දිපවාලි උත්සවයෙන් පසු ඉකුත් (18) දින වතුකරයට පැමිණී කාන්තාවන් සිවු දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින ලද පි.සි ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
කොටගල සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල ග්‍රේග්ලි වත්තේ අවු 18 වයසැති කාන්තාවන් දෙදෙනෙකුට සහ කොටගල ඌටන් වත්තේ අවු 36 වයසැති කාන්තාවකට සහ තලවාකැලේ ග්‍රේට්වෙස්ටන් වත්තේ ලුසා කොටසේ අවු 38 වයසැති කාන්තාවකට වෛරසය අසාදනය වි ඇති බවයි කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.
දෙමටගොඩ ප්‍රදේශයේ නවාතැන් පලක අසාදිතයින් සිවු දෙනෙකු එකට නතර වි පෞද්ගලික ආයතනයක රැකියාවක නිරතව සිට ඉකුත් 18 දින තම නිවසට පැමිණ සිටියදි ඔවුන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව එම කාන්තාවන් සිවු දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව තහවුරු වු බවත් වෛරසය අසාදනය වු කාන්තාවන් සිවු දෙනා මාතර කඹුරුගමුව නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ