බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්කයන්හි කොවිඩ් ව්‍යාප්තිය සෙසු ප්‍රදේශවලට වඩා තවදුරටත් අවදානම් තත්ත්වයක පවතින බව නවතම සෞඛ්‍ය වාර්තා මගින් තහවුරු වී තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය මගින් නිකුත් කරන ලද ඉකුත් දින හතක වාර්තා අනුව ඒ බව පෙනී යයි.
එවන් තත්ත්වයක් තිබියදී ඉන්දීය ‘ඩෙල්ටා’ කොරෝනා ප්‍රභේදය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව මේ වන විට කටයුතු සිදුවෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කරයි.
මේ තුළින් ඉදිරියේදී රටම ඉතා අවදානම්කාරී තත්ත්වයකට පත්විය හැකි බව ද එම සංගමය සදහන් කරයි.
ඇතිවී තිබෙන අවදානම්කාරී බව හමුවේ බස්නාහිර පළාතේ එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් එය වේගවත් කිරීමට මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ රෝහල් 18කත් ගම්පහ රෝහල් 17ක සහ කළුතර දිස්ති‍්‍රක්කයේ රෝහල් 10කත් අද දිනයේත් එන්නත්කරණ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ ස`දහන් කරයි.