බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර ඇති හෙයින් යම් පුද්ගලයෙක් ඊයේ රාත්‍රි යේ සිට බස්නාහිරින් පිටතට පැමිණ රැඳී ඇත්තම් ළඟම ඇති පොලීසියට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එසේ පැමිණි ඇති අය නිරෝධානය ක්‍රියාවලියකට යොමු කිරීමට සෞඛ්‍ය අංශ හා පොලීසිය එක්ව පියවර ගන්නා බවත් ඔහු පැවැසීය.
“බස්නාහිර පළාතේ සිට හෝටල්, ලැගුම් හල් වලට නිවෙස්වලට ඇවිත් තිබෙනවනාවම් පොලීසියට දැනුම් දෙන්න
මේ පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් යොදවා පරීක්ෂා කරනවා. බස්නාහිරට ඇතුළුවෙන්න පුළුවන්. ආවට පස්සේ ආයේ සඳුදා තෙක් පිටවෙන්න බෑ.
අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඔවුන්ගේ වාහන වලින් බස්නාහිරින් පිට වෙන්න පුළුවන්”