බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන් ටෙගල්ටිජා කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති අතර, නිවසේදී ස්වයං හුදෙකලා වී සිටින බව බොස්නියාවේ හා හර්සගොවිනා අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශ කරයි.
ටෙගල්ටිජාගේ තත්ත්වය ස්ථාවර වන අතර, ඔහුට කොරෝනා වෛරසයේ මෘදු රෝග ලක්ෂණ පවතින බව එම ප්‍රකාශය වැඩිදුරටත් පවසයි.
වසංගතය ආරම්භයේ සිට මේ දක්වා එරට පුද්ගලයන් 59,427ක් කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර, බොස්නියා සහ හර්සගොවිනා සිවිල් කටයුතු අමාත්‍යාංශය සිකුරාදා වාර්තා කළේ වසංගතයෙන් 1,457ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.