බාල වයස්කාර පිරිමි දරුවන් හට හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු කරන සහ එම දරුවන් ලිංගිකත්වයට හුරු කරවීමේ ක්‍රියාවලියක නිරතව සිටි දඹුල්ල නව පාදෙණිය ප්‍රදේශයේ විවාහක තරුණියක් දඹුල්ල පොලිසිය අද 20 දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී. එදිරිසිංහ මහතාට ලද තොරතුරක් මත දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සහ නිලධාරිනියන් මෙන්ම ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරින් දඹුල්ල නව පාදෙණිය ප්‍රදේශයේ නිවසක් සෝදිසි කර හෙරෝයින්mg 820 සමඟ බාලවයස්කාර දරුවෙකු සමඟ අශෝභන ලෙස නිවසක හැසිරෙමින් සිටියදී 17 හැවිරිදි සිසුවෙක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සෙල්වදොරේ සුලෝචනා හෙවත්" සුච්චි " නමින් බොහෝ දෙනා අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම තරුණිය දෙවැනි විවාහයෙන් ද ඉවත්ව වයස අවුරුදු 15 හා 17 යන වයස්වල ප්‍රදේශයේ සිසුන් විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවමින් එම කුඩා සිසුන් සමඟ ලිංගික ක්‍රියාවලියන් හුරු කරමින් හෙරොයින් හා අයිස් නමැති මත්ද්‍රව්‍ය එම පිරිසට අලෙවි කරන බව පොලිසිය චෝදනා කරති .
දඹුල්ල පොලිසිය මගින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීමත් සමග දඹුල්ල නව පාදෙණිය ප්‍රදේශයේ මවුවරුන් කීපදෙනෙකුම 20 දින උදෑසන දඹුල්ල පොලිසියට පැමිණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවේ කියාසිටියේ නව පාදෙණිය ප්‍රදේශයේ වයස අවුරුදු පහළොවේ සිට දාසය දක්වා වූ වයස් කාණ්ඩවල දරුවන් දස දෙනෙකු මේ වන විටත් මෙම තරුණිය ඇසුරු කරමින් දරුවන් මත් කුඩු වලට සහ මත්ද්‍රව්‍යවලට බහුලව ඇබ්බැහි වී ඇති බවය.
මෙම අත්අඩංගුවට ගත් කාන්තාවට මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා නඩු ගොනු කරන බවත් ඇය සමඟ අත්අඩංගුවට ගත් බාලවයස්කාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කොට පුනරුත්තාපනය සඳහා යොමුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.