බලශක්ති ක්ෂෙත්රයේ රැකියාවේ නිරත වූවන් වෙනුවෙන් ප්‍රමුඛතා පදනම අනුව කොවිඩ් එන්නත ලබාදීම සඳහා ඉල්ලීමක් කර තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරිය විසින් මෙම ඉල්ලීම ලිඛිතව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ උපදෙස් අනුව මෙම ඉල්ලීම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) , කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම (LIOC) යන ආයතනයන්හි සේවකයින්ට කොරෝනා සඳහා වන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සඳහා මෙසේ ඉල්ලීම් කර තිබේ.