බොලීවියාවේ අන්තර්වාර ජනාධිපතිනී ජෙනින් ෂෙස් විසින් නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා අද (22දා) සිට රට පුරා දින 14ක සම්පූර්ණ නිරෝධායනයක් ප්‍රකාශයට පත්කළ බව බොලිවියානු රාජ්‍ය මාධ්‍ය පවසයි.
ඒ අනුව බොලිවියානුවන් දවසේ පැය 24 පුරාම නිවසේ සිටිය යුතු බවත්, වෙළෙඳ සැල් වෙත යෑමට වරකට පිටවිය හැක්කේ පවුලකට එක් අයෙකුට පමණක් බවත් ෂෙස් සඳහන් කරයි.
කෙසේ වෙතත් ඔසුසැල්, රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන සාමාන්‍ය පරිදි විවෘතව පවතින අතර රාජ්‍ය හා පෞද්ගලික ප්‍රවාහන කටයුතු අත්හිටුවන බවත්, විවෘතව පවතින අංශවල සේවකයන්ට බලපත්‍ර ලබාදෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.