ඉන්දියාවේ බොලිවුඩ් තරුව, අමිතාබ් බච්චන් කොවිඩ්-19 සඳහා සෘණාත්මක පරීක්ෂණයක් සමග සුවය ලබා රෝහලෙන් තම නිවස කරා පැමිණ තිබේ.
"කොවිඩ්-19 සෘණාත්මක බව පරීක්ෂා කරමින් මාව රෝහලෙන් නිදහස් කළා. කෙසේ වෙතත් මම නැවත හුදෙකලා නිරෝධායනයක යෙදී සිටිනවා" අමිතාබ් පැවසීය.
නානාවතී රෝහලේ ඇති විශිෂ්ට සත්කාර හා හෙද සේවය නිසා තමාට මෙම දිනය දැකගත හැකිවූ බව හෙතෙම සඳහන් කළේය.
ජුලි 1 වැනි දින බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකළ අතර, ඔහුගේ ලේලි ඓශ්වර්යා රායි බච්චන් සහ මිණිබිරිය පසුදා ධනාත්මක බව පරීක්ෂා කර තිබුණි.
කෙසේ වෙතත් මේ වනවිට ඓශ්වර්යා සහ දියණිය මෙන්ම අමිතාබ් නිවසට පැමිණ තිබුණත්, අභිෂේක් තවමත් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි.
අභිෂේක් බච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, "අවාසනාවකට වගේ මම තවමත් කොවිඩ් -19 ධනාත්මකව රෝහලේ ප්‍රතිකාර ගන්නවා. මගේ පවුලේ අය වෙනුවෙන් ඔබ නොකඩවා කරන යාඥාවන්ට හා ප්රාර්ථනාවන්ට නැවතත් ස්තූතියි" යනුවෙනි. "මම මෙය පරාජය කර සෞඛ්‍ය සම්පන්නව නැවත එන බවට පොරොන්දු වෙනවා" අභිෂේක් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.