දුම්රිය බලවේග කට්ටල ප්‍රමාණවත් පරිදි අලුත්වැඩියානොවීම හේතුවෙන් දෛනික දුම්රිය ධාවනවාර කිහිපයක් අවලංගු කිරීමට කටයුතු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.
දුම්රියතාක්ෂණ ශිල්පීන්ගේ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයමෙතෙක්අවසන් නොවීම මත දුම්රියබලවේල කට්ටල අවශ්‍ය පරිදි අලුත්වැඩියා කටයුතු සිදුනොවීම හේතුවෙන් මෙලෙස දෛනික දුම්රිය වාර අවලංගු කිරීමට සිදුවඇති බවත්, දෙපාර්තමේන්තුව සතුව ඇති බලවේග කට්ටල සංචිතයෙහි දෝෂ රැසක් මතුව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් 'අද' පුවත්පතට පැවසීය.
මේ හේතුවෙන් ද්විත්ව බලවේග ඇතැම් දුම්රියවල එක් එන්ජිමක් පමණක් ක්‍රියාත්මක වන අතර, ධාවන වාරවලට සාපේක්ෂකව එන්ජින්, මැදිරි හා බලවේග දුම්රිය නොමැතිවීම ගැටලුවක් බවද එම නිලධාරියා පවසා සිටියේය.
දුම්රිය වාර අවලංගු වීම හේතුවෙන් මේ වන විට මගී ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.
මීරිගම සිට කොළඹ කොටුව දක්වා දිනපතා උදෑසන 6.30ට ගමන් අරඹන දුම්රිය (පොඩි ෆවුසි) දැනට මාස දෙකකට ආසන්න කාලයක සිට අවලංගු කර තිබෙන බවට දුම්රිය මගීහු චෝදනා කරති.
මේ හේතුවෙන් පොල්ගහවෙල සිට මොරටුව බලා පෙරවරු 6.20ට ගමන් අරඹන ශීඝ්‍රගාමී දුම්රිය වේයන්ගොඩ සිට ගම්පහ දක්වා මන්දගාමීව ධාවනය කිරීම සිදුවන අතර, එයින් මොරටුව දුම්රියේ ගමන් ගන්නා කාර්යාල සේවකයන් නිසි වේලාවට රැකියාවට වාර්තා කිරීමට නොහැකිවීමෙන් මෙන්ම මගී තදබදය හේතුවෙන්ද දැඩි පීඩාවකට ලක්වෙති.
දුම්රියෙන් ගමන් ගන්නා කාර්යාල මගීන්ට අමතරව මීරිගම සිට පැමිණෙන පාසල් සිසුසිසුවියෝද මේහේතුවෙන් පීඩාවට පත්ව සිටිති.
ප්‍රධාන මාර්ගයේ දුම්රිය වලට අමතරව අනෙකුත් මාර්ගවල තවත් දුම්රිය කිහිපයකටම මෙම බලපෑම එල්ල වී තිබේ.
මීට පෙර රාත්‍රී 9.50ට මීරිගම දුම්රිය ස්ථානයට පැමිණෙන දුම්රියක් එහි නවත්වා තබා පසුදින පෙරවරු 6.30ට කොළඹ කොටුව දක්වා ධාවනය කරවීම සිදුවුවද, මේ වන විට රාත්‍රියේම දුම්රිය නැවත දෙමටගොඩ පිහිටි දුම්රිය අංගනයට කැඳවීම හේතුවෙන් මෙම දුම්රිය අවලංගු වී ඇතැයි මගීහු චෝදනා කරති.
මෙම තත්ත්වයට පිළියම් යෙදීමේ හැකියාවක් දුම්රිය සේවකයන්ට නොමැති බව මේ සම්බන්ධයෙන් විමසීමේදී දුම්රිය පාලක මැදිරියේ සේවය කරන නිලධාරියෙක් පැවසීය.
දුම්රිය තුළ අධික තදබදය හේතුවෙන් දුම්රිය පාපුවරුවේ ගමන්කළ තරුණයන් කිහිපදෙනෙකු දුම්රියෙන් ඇදවැටී මියගිය සිදුවීම් කිහිපයක්ම පසුගිය මාස කිහිපය තුළ වාර්තා විය.